ඇමරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි.

එක්සත් ජනපදය විසින් සපයන ලද ආයුධ ඊශ්‍රායලය නොගැලපෙන ආකාරයෙන් භාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

කෙසේ වෙතත් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්‍රායලයට අසාමාන්‍ය යුදමය අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවද අමෙරිකානු රජය පවසා තිබේ.

ධවල මන්දිරය විසින් නිකුත් කර පසුගියදා කොංග්‍රසයට ඉදිරිපත් කර ඇති වාර්තාවක මෙම කරුණු ඉරිදිපත් කර ඇති අතර ගාසා තීරයේ සිදුකරන ඊශ්‍රායල මෙහෙයුම්වලට මෙම වාර්තාව පැහැදිලි බලපෑමක් ඇති කරන බව විදෙස් වාර්තා සදහන් කරයි.