උතුරු ඇෆ්ගනිස්ථානයේ හටගත් ගංවතුරකින් පුද්ගලයන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ගංවතුරට හසුවූ පිරිසක් අතුරුදන්ව ඇති බවත් ඒ අනුව ගංවතුර හේතුවෙන් මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ඇදහැළෙන මහ වැසි හේතුවෙන් උතුරු ඇෆ්ගනිස්ථානයේ බග්ලාන් පළාතේ දිස්ත්‍රික්ක 05කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.