අද (03) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නෝර්වේජියානු තානාපතිනි ‘මැයි එලින් ස්ටෙනර්’ (May Elin Stener) අතර හමුවක් සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා සිදුකර ඇති අතර වර්තමානයේ  පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැහැදිලි කර ඇති සමගි ජන බලවේගය, ඉන් අත්මිදීමට සිය පක්ෂයට ඇති සැලසුම් පිළිබඳව ද එහිදී පැහැදිලි කොට ඇත .

එමෙන්ම මෙම වසර මෙරට දේශපාලනයේ තීරණාත්මක වසරක් බවත්, මෙම වසර තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සම්බන්ධයෙන් ඇයව දැනුවත් කිරිමට ද කටයුතු කර තිබෙනවා.

මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ‘ජොහාන් බෙර්කෙම්’ (Johan Bjerkem) ද එක්ව සිටියා.