සිරියාවේ ඩැමස්කස් අගනුවර ඉරාන කොන්සියුලර් කාර්යාල ගොඩනැගිල්ලට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිලධාරීන් 7දෙනෙකු මිය ගිය බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසයි.

ප්‍රහාරයෙන් ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් හාඩි හාජි-රහිමි මියගිය අය අතර වන බව වාර්තා වේ.

ඉරාන සහ සිරියාවේ රජයන් ඉරාන තානාපති කාර්යාලයට යාබඳ ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරය හෙළා දැක තිබේ.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් අදහස් පළ නොකරන බවය.

Strikes attributed to Israel destroy Iranian consulate building in Damascus

Strikes attributed to Israel destroy Iranian consulate building in Damascus