ගාසා අර්බුදය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

ගාසා යුද්ධය පදනම් කර ගනිමින් නායකයින් දෙපළ අතර ඉකුත් දිනවලදී මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වී තිබුණ තත්වයාක අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අතර මෙම දුරකතන සංවාදය පවත්වා ඇති බවට  සදහන් වේ.

කෙසේ වෙතත් මෙම දුරකතන සංවාදයේදී ප්‍රමුඛත්වය ලබා දී ඇත්තේ ගාසා තීරයේ රෆා නගරය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායල හමුදාව සූදානම් වීම සම්බන්ධයෙන් වන අතර අමෙරිකාව ඊට විරෝධය පළ කරන බවත් ජාත්‍යන්තරයේ විරෝධය මධ්‍යයේ ඊශ්‍රායලය රෆා නගරය ආක්‍රමණය කළහොත් එය නැවත කිසිදා නිවැරදි කළ නොහැකි වරදක් වනු ඇතැයිද අමෙරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

එහෙත් මීට දින කිහිපයකට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ කුමන පාර්ශවයක් කුමන මතයක් දැරුවද රෆා නගරය ආක්‍රමණය කිරීම අනිවාර්ය බවයි.