හූති කැරලිකරුවන් විසින් යේමනයේ දකුණු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එහිදි එම නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හූති කැරලිකරුවන් සදහන් කරන්නේ ගාසා තීරයේ පවතින ඊශ්‍රායලය සහ හමාස් යුධ ගැටුම්වලදී පලස්තීනුවන්ට සහය පළ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය සිදුකළ බවයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මියගිය කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනාට අමතරව එම නෞකාවේ ගමන් කළ තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම නෞකාවේ පිලිපීන ජාතිකයන් 15ක්, වියට්නාම ජාතිකයන් 4ක් ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩලය ලෙස ගමන් කර ඇති බවත් මෙම නෞකාවේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ නේපාල ජාතිකයෙකු ගමන් කර ඇති බවත්ය.