ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ අතහැර දැමීමෙන් පසු අවසන් තරගය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී වර්ෂාව ගැන එතරම් පුරෝකථනයක් නොමැති වුවද, තරගයට විටින්විට වර්ෂාවෙන් බාධා ඇති විය හැකිය. වර්ෂාව හේතුවෙන් තරගය ප්‍රමාද වුවහොත් රාත්‍රී 9.36 සිට තරගයේ පන්දුවාර අහිමි වීම ආරම්භ වේ. එතැන් සිට ඕවර පහක තරගයක කඩඉම් කාලය (අඟහරුවාදා) පෙරවරු 12:06 වේ.

ඕවර පහේ තරගයක් හෝ ක්‍රීඩා කළ නොහැකි නම් කුමක් සිදුවේද?

තරගය තවදුරටත් වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වුවහොත් තරගයේ ජය සුපිරි ඕවරයෙන් තීරණය කළ හැකිය. ඒ අනුව කණ්ඩායම් දෙකම එකඟ වන්නේ නම් පමණක් සුපිරි ඕවරයක තරගයක් ක්‍රීඩා කරනු ඇත. ඒ අනුව අවසන් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට හැකිය.

සුපර් ඕවර් තරගයක් හෝ ක්‍රීඩා කළ නොහැකි නම් ශූරයා කවුද?

අවසන් මහා තරගය සම්පූර්ණයෙන්ම අතහැර දැමුවහොත් එය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට වාසිදායක තත්ත්වයකි. චෙන්නායි සුපර් කිංග්ස් හා සසඳන විට පළමු අදියරේ ප්‍රසාද ලකුණු සටහනේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටි නිසා වත්මන් ශූරයන් වන ඔවුන් නැවත වතාවක් ශූරතාව දිනා ගනු ඇත.

කවිඳු කාරියවසම්