නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (01) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.
උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්.