පොලිස් නිලධාරියෙකු විසින් රාජකාරි විෂය පථය තුළ  සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීති කෘත්‍යයකට භාජනය වුවහොත් සහ ඊට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව මගින් රජයේ නීති සහාය ලබාදීම ප්‍රතික්ෂේප කරන හෝ නීති සහාය ලබා නොදෙන අවස්ථා වල දී,  පොලිස් නිළධාරින්ට සහය ලබාගැනීමට  නීති සහන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අනුමැතිය ලබාදී තිබෙනවා.

මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර, ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

පෞද්ගලික නීතිඥ සහාය ලබා ගැනීම සහ වෙනත් නීති සේවාවන් ලබාගැනීම වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සිදුවන ආර්ථික අපහසුතාවයන් සදහා, මෙම යෝජනා ක්‍රමය භාවිතා කර යම් මූල්‍යමය සහනයක් ලබාදීම මෙහි අරමුණ වනවා.