හෙට (22) දින දිවයිනේ සියලුම පාසල් සදහා නිවාඩු ලබාදෙන බවට සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන අසත්‍ය නිවේදනයක් පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍යක් බවත්  හෙට දින දිවයිනේ සියලුම පාසල් සුපුරුදු පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාතාංශය නිවේදනය කරයි.

එසේම පවත්නා කාලගුණික තත්ත්වය මත පාසල් නිවාඩු දීම පිළිබදව අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ