ජාත්‍යන්තර ඉන්දියානු චිත්‍රපට සම්මාන උළෙල IIFA 2023 (International Indian Film Academy Awards) පසුගිය මැයි 27 වන සෙනසුරාදා රාත්‍රියේ බොලිවුඩ් තරු පිරිවරා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

IIFA සම්මාන උළෙල සෑම වසරකම පැවැත්වෙන්නේ ඉන්දියාවෙන් පිටත දී වීම විශේෂත්වයක්. කෝවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් 2019 වර්ෂයේ පමණක් මෙම සම්මාන උළෙල ඉන්දියාවේදී පැවති අතර, 2020 වසරේ උත්සවයක් නොපවත්වා සම්මානලාභීන් අන්තර්ජාලය ඔස්සේ නිවේදනය කිරීම සිදු කෙරුණා. 2022 වසරේ තිරගත කරන ලද නිර්මාණ ඇගයීම සඳහා වූ මෙවර සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ 23 වන වරට වූ අතර, එය අබුඩාබි හි Yas Bay Waterfront විනෝද උද්‍යානයේ පිහිටි  Etihad Arena මණ්ඩපයේ දී පවත්වන ලද්දේ අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ (DCT Abu Dhabi) සහ ප්‍රමුඛතම සංචාරක සමාගමක් වන Miral Experiences හි සහයෝගීත්වයෙන්.

2022 වසරේ හොඳම සිනමා පටයට හිමි IIFA සම්මානය සඳහා Bhool Bhulaiyaa 2, Darlings, Vikram Vedha, Drishyam 2, Gangubai Kathiawadi යන චිත්‍රපට නිර්දේශ වී තිබූ අතර, එම සම්මානය Drishyam 2 චිත්‍රපටය විසින් හිමිකර ගත්තා. හොඳම අධ්‍යක්ෂණයට හිමි IIFA සම්මානය, ඉන්දියානු අභ්‍යවකාශ ගවේශණ සංවිධානයේ (ISRO)  විද්‍යාඥ නම්බි නාරායන් ගේ චරිතාපදානය අළලා නිර්මාණය කරන ලද Rocketry: The Nambi Effect  චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ආර්.මාධවන් විසින් හිමි කර ගනනා ලද අතර, එය ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වීම විශේෂත්වයක්.

හොඳම නළුවාට හිමි IIFA සම්මානය දිනාගනු ලැබුවේ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් විසින්. ඒ, වික්‍රම් වේධා චිත්‍රපටයේ “වේධා” චරිතය වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ රඟපෑම වෙනුවෙන්. ඔහුට අමතරව හොඳම නළුවා සම්මානය සඳහා කාර්තික් ආර්යන් (Bhool Bulaiya 2) රාජ් කුමාර් රාඕ (Monica O My Darling) අජේ දේව්ගන් (Drishyam 2) අනුපම් ඛේර් (The Kashmir Files) අභිෂේක් බච්චන් (Dasvi) යන නළුවන්ගේ නම් නිර්දේශ වී තිබුණා. The Kashmir Files චිත්‍රපටයේ “පුෂ්කර් නාත් පණ්ඩිත්” චරිතය නිරූපණය කරමින් අනුපම් ඛේර් දැක්වූ සුවිශේෂී රංග ප්‍රතිභාව හේතුවෙන් ‌ෙමම සම්මානය ඔහුට හිමිවනු ඇති බවටයි බොහෝ දෙනා අපේක්ෂා කළේ.

යාමි ගෞතම් (A Thursday), තාබු (Bhool Bulaiya 2), සෙෆාලි ශාහ් (Darlings), ආලියා භාත් (Darlings), ආලියා භාත් (Gangu Bhai Kathiyawadi) හොඳම නිළිය සම්මානය වෙනුවෙන් නිර්දේශ වී තිබුණා. ආලියා භාත් විසින් නිරූපණය කරන ලද ඩාලිංග්ස් සහ ගංගු භායි චිත්‍රපට වල රංගනයන් සිනමා විචාරකයින් විසින් ඉහළින් අගය කර තිබූ අතර, ඩාලිංස් චිත්‍රපටයේ සෙෆාලි ශාහ් විසින් සිදු කරන ලද රංගනයද නොමඳ පැසසුමට ලක් වී තිබුණා. නමුත්, සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ Gangu Bhai Kathiyawadi චිත්‍රපටයේ ගංගු බායි චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය ආලියා භාත් විසින් හිමිකර ගනු ලැබුවා. එම චරිතය වෙනුවෙන් Filmfare සම්මාන උළෙලේ දී ද හොඳම නිළියට හිමි සම්මානය ආලියාට හිමි ව  තිබුණා.

මීට අමතරව හොඳම සහාය නළුවාට හිමි සම්මානය ප්‍රවීණ නළු අනිල් කපූර් විසින්ද (JugJugg Jiyo) හොඳම නිළියට හිමි සම්මානය මෞනි රෝයි විසින් ද (Brahmastra Part One: Shiva) හිමි කරගත්තා. හොඳම නවක නිළියට හිමි සම්මානය කුෂාලි කුමාර් (Dhokha: Round D Corner) විසින් හිමි කර ගත් අතර, හොඳම නවක නළුවාට හිමි සම්මානය ශාන්තනු මහේෂ්වරී (Gangu Bhai Kathiyawadi) සහ බාබිල් ඛාන් (Qala) අතර බෙදී ගියා.
සිනමාවේ යාව ජීව ඇගයීම ට හිමි Outstanding Achievement in Indian Cinema 2023 සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉන්දීය සිනමාවේ තවත් පතාක යෝධයෙකු ලෙස හඳුන්වා දිය හැකි ප්‍රවීණ නළු කමල් හසන්. සම්මාන උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගැනීමට පිළිවෙලින් Brahmastra Part One: Shiva සහ Gangu Bhai Kathiyawadi යන චිත්‍රපට සමත් වුණා.

බොලිවුඩ් අඹරේ දිදුලන සිනමා තරු රැසක්ම මෙම සුවිශේෂී සම්මාන උළෙල වර්ණවත් කරමින් සහභාගී වූ අතර,  ගායන සහ නර්තනාංගයන්ගෙන් ද අඩුවක් නොවූ මෙම රාත්‍රිය වරුන් ධවාන්, ක්‍රිටී සැනන්, නූරා ෆතේහි, සාරා අලි ඛාන්, ජැක්ලීන් ෆර්නෑන්ඩස්, රකුල් ප්‍රීත් සිං වැනි සුපිරි තාරකාවන්ගේ විශේෂාංගයන්ගෙන් හැඩවුනේ රසිකයින් අමන්දානන්දයට පත් කරමින්. මෙහිදී සුපිරි නළු සල්මාන් ඛාන් විසින් ඉදිරිපත් කරන ලද නර්තනාංගය කාගේත් කතාබහට ලක්වුණා. අති උත්කර්ෂවත් ලෙස නිමාව දුටු 23 වන IIFA සම්මාන රාත්‍රිය මෙහෙයවීමේ අවස්ථාව හිමිව තිබුණේ තවත් ජනප්‍රිය සහ දක්ෂ බොලිවුඩ් තරු දෙපළක් වන අභිෂේක් බච්චන් සහ විකී කෞෂාල් හටයි.

23වන  IIFA සම්මාන උළෙලේ සම්මානලාභී සම්පූර්ණ ලැයිස්තුව මෙසේයි ..

– Best Film: Drishyam 2
– Best Director: R Madhavan for Rocketry: The Nambi Effect
– Best Actor in a Leading Role (Female): Alia Bhatt for Gangubai Kathiawadi
– Best Actor in a Leading Role (Male): Hrithik Roshan for Vikram Vedha
– Best Actor in a Supporting Role (Female): Mouni Roy for Brahmastra: Part One – Shiva
– Best Actor in a Supporting Role (Male): Anil Kapoor for Jugjugg Jeeyo
– Outstanding Achievement for Fashion in Cinema: Manish Malhotra
– Outstanding Achievement in Indian Cinema: Kamal Haasan
– Best Adapted Story: Aamil Keeyan Khan and Abhishek Pathak for Drishyam 2
– Best Original Story: Perveez Sheikh and Jasmeet Reen for Darlings
– Outstanding Achievement in Regional Cinema: Marathi film Ved, directed by Riteish Deshmukh
– Best Debut (Male): Shantanu Maheshwari for Gangubai Kathiawadi and Babil Khan for Qala
– Best Debut (Female): Khushali Kumar for Dhoka Around the Corner
– Best Playback Singer (Female): Shreya Ghoshal for the song Rasiya from Brahmastra: Part One – Shiva
– Best Playback Singer (Male): Arijit Singh for the song Kesariya from Brahmastra: Part One – Shiva
– Best Music Direction: Pritam for Brahmastra: Part One – Shiva
– Best Lyricist: Amitabh Bhattacharya for the song Kesarya from Brahmastra: Part One – Shiva
– Best Cinematography: Gangubai Kathiawadi
– Best Screenplay: Gangubai Kathiawadi
– Best Dialogue: Gangubai Kathiawadi
– Best Choreography for title track: Bhool Bhulaiyaa 2
– Best Sound Design: Bhool Bhulaiyaa 2
– Best Editing: Drishyam 2
– Best Special Effects (Visual): Brahmastra: Part One – Shiva
– Best Background Score: Vikram Vedha
– Best Sound Mixing: Monica O My Darling


උමේෂ් ද සිල්වා