අයි.පී.එල්. තරගාවලියේ ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ටද හිමිවන්නේ සුවීශේෂී ස්ථානයක්. තරගාවලියේ ඒ ඒ කණ්ඩායමවලට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගැනීමට ඔවුන් විශාල කාර්‍යභාර්‍යක් ඉටු කරනු ලබනවා.

මෙම දිරිගන්වන්නියන් බොහෝ විට විදෙස් තරුණියන්. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට එක් ප්‍රේක්ෂක දිරිගන්වන්නියක් සඳාහා එක් තරගයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් 14,000 සිට 17,000 දක්වා ගෙවීමක් සිදු කරනු ලබයි. (ශ්‍රී ලංකා රුපියල් 52,000 සිට 63,500 ක් පමණ දක්වා)

එමෙන්ම ඔවුන් නියෝජනය කරන කණ්ඩායම තරග ජයග්‍රහණය කළහොත් ප්‍රේක්ෂක දිරිගන්වන්නියන්ට ප්‍රසාද දීමනාවක්ද පිරිනමන බවද එම මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේම එම තරුණියන් වැටුපට අමතරව ඉන්දියාවේ රැඳී සිටින කාලය තුළ සුඛෝපභෝගී නවාතැන් පහසුකම්, ආහාරපාන ඇතුළු පහසුකම් රැසක් හිමිවන බවත් වාර්තා වේ.

අයි.පී.එල් තරගාවලියේ දී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් ලෙස කටයුතු කිරීම සදහා තේරී පත් වීම ද පහසු කාර්යයක් නොවන බවත්, නිරූපන ක්ෂේත්‍රය හා ප්‍රේක්ෂකයන් ඉදිරියේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අත්දැකීම් ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය බවත් සඳහන්ය.

කවිඳු කාරියවසම්