පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම් මහතාට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත අද (06) දින සිට මාසයක කාලයක් සඳහා එම අත්හිටුවීම ක්‍රියාත්මකවන බව සඳහන්වේ.

රත්‍රං තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන පසුව දඩ ගෙවා නිදහස්වීමේ සිදුවීම මුල් කරගනිමින් මන්ත්‍රීවරයාට මෙලෙස පාර්ලිමේන්තු අත්හිටුවීම සිදුකර ඇත.