සංචාරක ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලියේ අවසන් තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් රැස් කළේය. එහිදී රහමනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් සහ හස්‍රතුල්ලා සසායි ලකුණු 45ක් රැස් කළහ.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 206 රැස් කළේය. එහිදී පැතුම් නිස්සංක ලකුණු 60ක් රැස්ව සිටියදී පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය. තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට දැඩි උත්සාහයක් ගත් කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් රැස් කළේය.

ඒ අනුව තරග 03කින් යුත් විස්සයි-20 තරගාවලිය තරග 2-1 ලෙස ජයගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.