වත්මන් ආණ්ඩුව අවසන් වන දිනය දක්වාම ගෙනයෑම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ ජනාධිපතිවරයාට සහය පළකරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

පසුගිය ජනාධිපතිවරණයෙදි හා මහා මැතිවරණයෙදි පොහොට්ටුවට ඡන්දය දුන් මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම අත්‍යාවශ්‍ය බව ද ඇමතිවරයා සදහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසන නියෝජිත සමුළුව අමතමින් පසුගිය දා ඔහු මෙසේ පවසා තිබේ.

ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා,

ජනාධිපතිතුමා වසරක් ඇතුළත අභියෝග ජයගත්තා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 126ට වැඩි පිරිසක් සමඟ මේ ආණ්ඩුව ගෙනියන්න අපි රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා. අපිට ජනාධිපතිවරණයෙදි, මහමැතිවරණයේදී ඡන්දය දීපු මිනිස්සුන්ගෙ බළාපොරොත්තු ඉටුකරන්න ඕන. මේ ශක්තිය බිඳින්න සමහරු උත්සහ ගන්නවා. මහින්ද මහත්තය අගමැති කරන්න හදනව කියල පහුගිය කාලෙ කතාවක් ගියා. මම මේ ගැන එතුමාගෙන් ඇහුව්වා. දිනේෂ් අගමැතිකමට පත්කලේ අපි. ඉතිං මොකටද අපි දිනේෂ් වෙනස් කරන්නේ කියල මහින්ද මහත්තය මට කිව්වා. යනුවෙන්ද සදහන් කර ඇත.