ඊයේ (10) පස්වරුවේ අහුංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම පළිගැනීමක් බවට අනාවරණය වී තිබේ.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පසුගිය 8 වනදා අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පියෙකු වන කීර්තිසේන ආබෘෘ යන අයගේ ඝාතනයට පළිගැනීමක් ලෙස ඩුබායිහි සැඟව සිටින ඔහුගේ පුත්‍රයා විසින් මෙහෙයවා ඇති බවය.

ඊයේ සිදුකළ වෙඩි තැබී‍මෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට වෙඩි ප්‍රහාර 5 ක් එල්ල වී ඇති අතර ඉන් උණ්ඩ කිහිපයක් ඔහුගේ උදරයට එල්ල වී තිබූ බව සඳහන් වේ.

54 හැවිරිදි මෙම පුද්ගලයා සිය නිවසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණි.

වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.