කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසි​න් ආනයනික පොල්තෙල් සඳහා වන බද්ද අඩු කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත් කිරීමට නියමිත බ​ව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා.

වෙළෙඳපොලේ පොල්තෙල් මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා මෙම යොජනාව ඉදිරිපත් කරන බව මහින්ද අමරවීර මහතා පවසයි

ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා දැනට අයකරන බද්ද රුපියල් 150ක් වන අතර දැනට රට තුළ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 70,000ක් තිබෙන බවත් 2023 වසරට සාපේක්ෂව මෙය තුන් ගුණයක ඉහළයෑමක් බවත්, එම නිසා කිසිසේත්ම පොල්තෙල් හිඟයක් රට තුළ ඇති නොවන බවත් එය පොල්තෙල් මිල ඉහළ දැමීමේ මාෆියාව විසින් ගෙනයන කූඨ උපායක් බව පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දී තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා