ජූනි මස (01) දින සිට ඊයේ (03) පස්වරුව දක්වා කාලය තුළ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගල මරණ 17ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනු​ව මාතර දිස්ත්‍රික්කයෙන් මරණ 06ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් මරණ 05ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක්, ගාල්ල දිස්ත්‍රිකයෙන් මරණ 02ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් වාර්තා වූ බ​ව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටියා

ඊයේ දිනය වන විට දිස්ත්‍රික්ක 08ක පවුල් 21,353කට අයත් පුද්ගලයින් 84,749 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.