හෙට (04) දිනයේ ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇත.

දින 44 ක් පු​රා පැවැත්වුණු මෙම ම​හා මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලොක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිතය.

සමීක්ෂණ වාර්​තා අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තවත් විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි පැවැසෙයි.