අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිහිපයක මිල පහත දැමීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

මෙම සංශෝධන යටතේ ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩුවී ඇති අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පවතී.

පෙට්‍රල් (ඔක්ටේන් 92) : රු. 13කින් මිල පහළට (නව මිල රු. 355)
ලංකා සුදු ඩීසල් : රු. 16කින් මිල පහළට (නව මිල රු. 317)
ලංකා භූමිතෙල් : රු. 13කින් මිල පහළට (නව මිල රු. 202)

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 420කි.

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර එහි මිල රුපියල් 377කි.