ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ​ඇමෙරිකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඇමරිකා​වේ රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කළ ආරාධනයකට අනුවයි.

ඒ අනුව  ලබන ජූලි 24 වැනිදා වොෂින්ටන් හිදී ඊශ්‍රාය​ල අගමැතිවරයා ​ඇමෙරිකා එක්සත් ජනපද නීති සම්පාදකයින්ව අමතනු ඇතැයි කොංග්‍රස් නායකයින් නිවේදනය කරයි

අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කරමින් සභාකොංග්‍රස් නායකයින් සහ සෙනෙට් සුළුතර නායක මිච් මැක්කොනෙල් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ යුක්ති සහගත ඊශ්‍රායල රජයේ දැක්ම බෙදා ගැනීමට නෙතන්යාහු අගමැතිවරයා අවස්ථාව ලබා ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පවසා තිබෙනවා.

සාධාරණ යුද්ධය පිළිබඳ සත්‍යය ඉදිරිපත් කිරීමට, ඊශ්‍රායලය නියෝජනය කිරීමේ වරප්‍රසාදය තමා ලබා ගන්නා බවයි එම ආරාධනාව පිළිගනිමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ.