දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් නගරයට නැගෙනහිරින් පුළුල් භූමි ප්‍රදේශයක් අත්හැර දමන ලෙස ඊශ්‍රායල හමුදාව පලස්තීනුවන්ට නියෝග කර තිබෙනවා.

ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන් වන අතරම ජනතාවට පළමුවෙන් පිටව යන ලෙස දන්වා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පණිවිඩ යවා ඇති අතර , ඉන් අනතුරුව ඊශ්‍රායල හමුදාව විසින් සමාජ මාධ්‍ය වෙත අරාබි භාෂාවෙන් අනතුරු අඟවා තිබෙන බවද සදහන්

ඒ අනුව මේ වන විටත් විශාල පිරිසක් ප්‍රදේශයෙන් පලා යමින් සිටින බව වාර්තා ​වේ

නවතම ඉවත් කිරීමේ නියෝගය ඛාන් යූනිස් හි ගිනිකොන දෙසින් පිහිටි යුරෝපීය රෝහල අවට ප්‍රදේශය ආවරණය කරන අතර, රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රධාන උපකරණ කිහිපයක් ඛාන් යුනිස් හි නසාර් රෝහල වෙත ගෙන යාමට පටන් ගෙන ඇති අතර සමහර කාර්ය මණ්ඩලය සහ රෝගීන් ද පිටව ගොස් ඇත

ඊශ්‍රායලයේ අගමැති  ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ එහි හමුදා සමස්ත පලස්තීන භූමිය පුරා “දුෂ්කර සටනක” යෙදී සිටින බවයි.