එළැඹෙන උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පැවසීය.

ගොවියත් පාරිභෝගිකයත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද මෙහිදි රාජ්‍ය අමත්‍යවරයා සඳහන් කර සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (21) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කර සිටියේ ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවය සඳහා මස් සහ බිත්තර නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කර තිබෙන බවත් සත්ව නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය නව වැඩපිළිවෙළවල් කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බවත්ය.