2024 අයි.පී.එල් තරඟාවලියෙහි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය වෙනස් වී ඇති බව වාර්තාවේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මෙතෙක් නායකත්වය දැරූ මහේන්ද්‍ර සිං දෝනි විසින් එම කණ්ඩායමේ නායකත්වය සඳහා ඉන්දීය ක්‍රීඩක රුතුරාජ් ගයික්වාඩ් පත්කර ඇත.

2019 වසරේ සිට රුතුරාජ් ගයික්වාඩ් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කර ඇති අතර ඔහු මේ වන විට අයි.පී. එල් තරඟාවලි 52කට ක්‍රිඩා කර තිබේ.