නව ඇමරිකානු ආධාර පැකේජයක ආයුධ යුක්‍රේන සටන් බිමේ ඉදිරි පෙළට පැමිණීමට පටන් ගැනීමත් සමඟ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේනයට පැමිණ තිබෙනවා.

මෙම සංචාරයේදී අමෙරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ අනෙකුත් නිලධාරීන් හමුවීමට නියමිතයි.

එහිදී බ්ලින්කන් රුසියානු යුද්ධයට අමෙරිකානු සහය සහතික කිරීමේ පණිවිඩයක් ලබා දෙනු ඇති බව එක්සත් ජනපද නිලධාරීහු පවසනවා.

යුක්‍රේනය සඳහා නව ඩොලර් බිලියන 61 (පවුම් බිලියන 49) ආධාර පැකේජයකට එක්සත් ජනපද කොන්ග්‍රසය එකඟ වී සති තුනකට පසුව රාජ්‍ය ලේකම්ගේ පැමිණීම සිදුවනවා.