යුක්‍රේනයේ මධ්‍යම Dnipropetrovsk ප්‍රදේශයේ රුසියානු ප්‍රහාර දෙකකින් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

ප්‍රධාන නගරය වන Dnipro හි දුම්රියස්ථානයට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර Synelnykove හි තවත් නිවාස කිහිපයකට ද පහර වැදී තිබෙනවා.

ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් සෑම නගරයකටම ප්‍රමාණවත් ගුවන් ආරක්‍ෂාවක් තිබීමේ අවශ්‍යතාවය ඉස්මතු වූ බවයි.

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව, Synelnykove නගරයේ රුසියානු ප්‍රහාරවලින් පුද්ගලික නිවාස ඉලක්ක කර ඇති නිසා මියගිය 9 දෙනා අතර වයස අවුරුදු 6 ක සහ 8 ක ළමුන් දෙදෙනෙකු ද වනවා.

ප්‍රාදේශීය අගනුවර වන Dnipro හි මහල් පහක ගොඩනැගිල්ලකට ප්‍රහාර එල්ල වීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

මේ අතර සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන අතර විපතට පත් වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

\