කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින  ෆෙබ්‍රියෝ ද සොයිසා මේ අවස්ථාවේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ඔහුගේ නීතිඥයා පවසයි.

පසුගිය මාර්තු මුලදී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ එක් චෝදනාවක් එල්ල කර තිබේ.

ලබන සතියේදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී ඔහුට එරෙහි නඩුවේ මූලික විමර්ශන සඳහා දින වෙන් කිරීමට සැලසුම් කර තිබේ.