IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගනිමි​න් අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගැනීම​ට කොල්කටා කණ්ඩායම සමත් විය.

අහමදාබාද්හි පැවති එම තරගයේ​දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් ඔවුන් මේ ජයග්‍රගණය වාර්තා කර ඇත.

එම තරගයේ කාසියේ වාසියේ දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අත​ර ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 39කදී දවා ගැනීමට කොල්කටා කණ්ඩායම සමත්විය.

කෙසේවෙතත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 159කි.

ලකුණු 160ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 67කදී දවාගැනීමට හයිද්‍රාබාද් පන්දු යවන්නන් සමත්විය.

එසේ වුවද වෙන්කටේෂ් අයියර් සහ නායක ශ්‍රෙයාස් අයියර් එක්ව කොල්කටා කණ්ඩායම සුරැකිවජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්විය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් සිව්වන අවස්තාව මෙය වන අතර මීට පෙර අවසන් මහා තරගයකට කොල්කටා කණ්ඩායම ක්‍රීඩා කළේ 2021 වසරේදීය.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් වටයේ දෙවන තරගය වෙනුවෙන් එළඹෙන සිකුරාදා සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමඟ තරගවදිනු ඇති.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ඉරිදා පැවැත්වෙන IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.