මුලතිව් දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක දමා තිබූ ගුවන් යානා නාශක උණ්ඩ 992ක තොගයක් පුදුකුඩීරිප්පු පොලීසිය විසින් අද(10) සොයාගෙන තිබෙනවා.

අයිතිකරු ළිද සුද්ද කිරීම සදහා සූදානම් වූ අවස්ථාවේදී ළිද තුළින් ටකරම් පෙට්ටියක කොටසක් හමු වී තිබූ අතර ඒ පිළිබදව පුදුකුඩීඉරිප්පු පොලීසිය වෙත සිදුකල දැණුම් දීමකට අනුව මෙය සො‍යා ගෙන ඇත.

පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව එම ගුවන් යානා නාශක උණ්ඩ ගොඩගෙන තිබූ අතර පසුව ඒ පිළිබදව වාර්තාවක් මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මෙම ගුවන් යානා නාශක උණ්ඩ ජීව තත්ත්වයෙන් පවතින බවත් ඒවා යුද සමයේදී කවරෙකු විසින් හෝ මේ ළිදට දමන්න්ට ඇතැයි පොලිසිය සැක කරයි.

මුලතිව් අධිකරණයෙන් ලද නියෝගයකට අනුව ගුවන් යානා නාශක උණ්ඩ පුපුරවා විනාශ කිරීමට පුදුකුඩීඉරිප්පු පොලිසිය පියවර ගෙන ඇත.