හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ශාරිරික පුහුණු උපදේශකවරයෙකු ලෙස කලක් කටයුතු කළ බව කියන හිටපු කොමන්ඩෝ සෙබලෙක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් දෙකක් සමග මෙසේ අත් අඩංගුවට ගෙන ඇති කොමන්ඩෝ සෙබලා විනය කඩ කිරිම් ගණනාවක් මත යුද හමුදාවෙන් ඉවත් කිරීමෙන් අනතුරුව පසු කාලයේ දී පාතාලය හා සම්බන්ධ වෙමින් මත්කුඩු ජාවාරමේ යෙදි ඇතිබව විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

මෙම හිටපු කොමාන්ඩෝ සෙබලා දක්ෂ වෙඩික්කරුවෙක් බවත්, කොමාන්ඩෝ පුහුණුවේදි දක්ෂම සෙබලුන් දස දෙනා අතර  සිටි තරුණ සෙබලෙක් බවත් විමර්ශන අංශ පවසයි.

මේ වනවිට මෙම පුද්ගලයා පාතාල ඝාතන සඳහා සම්බන්ධ වී ඇතිදැයි යන සැකය මත පරීක්ෂණ සිදුකරන බව පොලිසය පවසයි.

අධිකරණයට කරුණු වාර්තා කර ලබා ගත් රැඳවුම් නියෝග මත මේ වනවිට ඔහු සම්බන්ධ ඉදිරි විමර්ශන ආරම්භ කර ඇත.