අද (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසි​න්  පාර්ලිමේන්තුවේ දී වි‍ශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට නියමිත ද බවද සදහන්

එසේම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය පහසුකමේ තෙවන වාරිකය අනුමත කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් පළකිරීමට නියමිතයි

ඒත් සමගම අද පෙරවරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එය ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත  බව සදහන් .