ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාතේ හිටපු ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.

​ඒ දැනට රෝගාතුරුව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනයේ පිහිටි සී.වී. විග්නේෂ්වරන්ගේ පෞද්ගලික නිවසට ගිය අවස්ථාවේදීය.

උතුරේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන් සහ ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක වන උපාය මාර්ග පිළිබඳව​ද මෙම හමුවේදී අවධානය යොමු වූ බව වාර්තා වේ.