අද (19) පස්වරු 04ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික රණවිරු දින සැමරුම්  උත්සවය පැවැත්වීමට නියමිතය.

ඒ අනුව අද පස්වරු 03 සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

රණවිරු දින සැමරුම් උත්සවය අවසන් වන තුරු පොල්දූව හන්දියෙන් සහ කියන්හෑම් හන්දියෙන් පාර්ලිමේන්තු මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි.

එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.

එම උත්සවය අවසන් වූ වහාම රථ වාහන ගමනාගමනය සඳහා මාර්ගය විවෘත කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බව පොලීසිය සඳහන් කළා.