අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු ඊ​යේ (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට පැමණීමෙන් අනතුරුව එසේ අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඔහු අධිකරණයට භාර වූ අවස්ථාවේ පැයකට ආසන්න කාලයක් අත් අඩංගුවට පත් වූ අතර චෝදනා ප්‍රකාශයට පත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

Photo/©POOL

Photo/POOL

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබේ.

නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්වන හෝ ජනතාව නොසන්සුන්කාරී වන ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙස නඩුව විභාගයට ගත් අවස්ථාවේ විනිසුරු ජුවාන් මර්චෑන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනතුරු අඟවා ඇතත් ඔහු එය කඩ කළ බවද සදහන් වේ.

 

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන දෙසැම්බර් මාසයේ නැවත කැඳවීමට නියමිතය.

Photo/©REUTERS

Photo/REUTERS

 

 

 

 

 

නිර්මාණි ගුණරත්න