ටැන්සානියාවේ ගංවතුර සහ නාය යාම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 155 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Public minibusses are submerged in the flooded streets of Dar es Salaam, Tanzania [AP]

එරට අග්‍රාමාත්‍ය කාසීම් මජලින් සඳහන් කර ඇත්තේ, එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවත් සමග මෙලෙස ගංවතුර හා නාය යාම් ඇති වී තිබෙන බවයි.

මෙම වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය මැයි මාසය තෙක් පැවතිය හැකි අතර එම නිසා ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙස ඉල්ලා සිටින බව ඔහු සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර ඇත්තේ, පුද්ගලයන් ලක්ෂ 2කකට අධික පිරිසක් අවතැන් වී ඇති අතර නිවාස 51,000කට හානි සිදු වී ඇති බවයි.

A family uses a boat after fleeing floodwaters that wreaked havoc in the Githurai area of Nairobi, Kenya on April 24, 2024. © Patrick Ngugi, AP

ටැන්සානියාවේ අසල්වැසි කෙන්යාව හා බුරුන්ඩි රටවල්වලට ද අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම කලාපය තුළ “මානුෂිය අර්බුදයක්” ගොඩ නැගී ඇති බවයි.

ජනවාරි මාසයේ සිට තම රටේ තත්ත්වය පිළිබඳව ටැන්සානියා පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, මිය ගිය පුද්ගලයන් 155 දෙනෙකුට අමතරව පුද්ගලයන් 236 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.