මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අඩු ටෙස්ට් තරග සංඛ්‍යාවක් ලබා දීම සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිය අප්‍රසාදය පළ කරනවා.
සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවට ටෙස්ට් තරග 04ක් පමණක් ලබා දීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වූ බවයි.
ඔස්ට්‍රේලියාව ලබන 29 වනදා ආරම්භ වන තරග දෙකට අමතරව ශ්‍රී ලංකාවට මෙම වසරේදී ක්‍රීඩා කිරීමට සිදුව ඇත්තේ, බංග්ලාදේශය සමග ටෙස්ට් තරග දෙකකට පමණයි.
ලබන වසරේදී ද ශ්‍රී ලංකාවට ලබා දී ඇත්තේ, ටෙස්ට් තරග 06ක් පමණි.