2024 මාර්තු මාසයට අදාළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය කර ඇත.

ඒ අනුව මාර්තු මාසය සඳහා නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් ද ඇතුළත්ව ඇති අතර ඊට අමතරව අයර්ලන්තයේ මාර්ක් අඩයර් හා නවසීලන්තයේ මැට් හෙන්රි ද නිර්දේශිත නම් අතරට ඇතුළත් වේ.

බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි 20 තරගාවලියේදී අර්ධ ශතකයක් හා ටෙස්ට් තරගාවලියේදී ශතක දෙකක් හා අර්ධ ශතකයක් වාර්තා කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් විය.