ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමග පසුගිය 21 වන දින පැවති අවසන් විස්සයි විස්ස තරඟාවලියේදී විනිසුරු විසින් ලබා දුන් තීරණය වැරදි තීරණයක් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරිය පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සනත් ජයසූරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.