ඩයිඑතිලීන් ග්ලයිකෝල්/එතිලීන් ග්ලයිකෝල් නැමැති විෂ රසායන ද්‍රව්‍ය අධිමාත්‍රවෙන් අඩංගුවී ඇති නිසා මාරාන්තික තත්ත්ව ඇති කරන කැස්සට භාවිතා කරන සිරප් වර්ග සහ පැරිසිටමෝල් අඩංගු සිරප් වර්ග කීපයක් සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව දැනුම්වත් කර ඇති බැවැනි කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වෛද්‍ය නිර්දේශමතම ලබා දෙන ලෙස කොළඹ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

Alergo syrup, Emidone suspension, Mucorid syrup, Ulcofin suspension සහ Zincell syrup ලෙස වෙළෙඳපලට එන මෙම සිරප් වර්ග ඉන්දියාවේ හා පාකිස්ථානයේ නිෂ්පාදනය කරන නමුත් අදාල නිෂ්පාදන ආයතනයන්ගෙන් එම ඖෂධ මෙරටට ආනයනය නොකරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කර ඇතැයි ද විෂ තොරතුරු මධ්‍යස්ථානය කියයි.

නමුත් නියාමනයකින් තොරව අවිධිමත් ලෙස ගෙන්වන ඖෂධ ජාවාරමක් ද රට තුළ හෙළි වී ඇති බැවින් මේ සම්බන්ධව දැඩි අවධානයකින් පසුවන ලෙස දන්වන එම මධ්‍යස්ථානය මෙම ඖෂධ විෂ වීම හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව, මාලදිවයන සහ ලාඕසය රටවල දරුවන්ගේ මරණ ද වාර්තා වී ඇති බව පෙන්වා දෙයි.