ලෝක ජල දිනය මාර්තු 22 එනම් අද දිනට යෙදී තිබේ.

මෙවර තේමාව “සාමය හා ජලය” යන්නයි.

1993 වර්ෂයේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුවයි.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයද ලෝක ජල දිනය වෙනුවෙන් අද සැමරුම් උත්සවයක් සංවිධාන කර තිබෙනවා.

මෙරට ජනතාවගෙන් 50%කට පිරිසිදු පානීය ජලය සැපයීමට තමන් කටයුතු කර ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

පෘථිවියේ පවතින ජල ප්‍රමාණයෙන් 97%ක් සාගර ජලය වන අතර, පාරිභෝජනයට ලබාගත හැක්කේ 03%කටත් අඩු ප්‍රමාණයක්.

ලෝකය පුරා පුද්ගලයින් බිලියන 22 කට ආසන්න පිරිසකට පානීය ජලය නොලැබුණු ඇති බව අනාවරණය වේ.

එයිනුත් පානීය ජල ධාරිතාව පවතින්නේ 01%ක් පමණයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පුද්ලයින්ගෙන් මිලියන 2.3 කට නිවසේදී සබන් ගා අත් සේදීමට පවා අවස්ථාව හිමි නොවේ.

පරිසරෙවේදීන් අවධාරණය කරන්නේ නාගරික හා කාර්මික අපද්‍රව්‍ය හේතුවෙන් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලය දූෂණය ඉහළ ගොස් ඇති බවයි.

ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ග වලින් බිලියන තුනකට අධික ජනතාවකට ජල අවශ්‍යතාවය සපුරා ගන්නා බව එක්සත් ජාතීන්ගේ දත්තවලට අනුව හදුනාගෙන තිබේ.

ගංගා ,වැව් ඇතුළු සහ අනෙකුත් ජල මුලාශ්‍ර අසල්වැසි රටවල් සමග ජලය බෙදාගන්නා රටවල් සංඛ්‍යාව 153 කි.

ලෝක බැංකුව පුරෝකථනය කරන ආකාරයට ලෝකයේ 2050 වනවිට ඉල්ලුම සහ ජල සංචිත අතර විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවයි.