අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් රැසකට ප්‍රකාශයට පත්කරනු ලැබූ තීරු බදු පැනවීම දින 90ක කාලයක් සඳහා අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි නමුත් අමෙරිකාව විසින් චීනයට එරෙහි තීරු බද්ද 125%ක් දක්වා ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ. අද (9) සිට ක්‍රියාත්මක වන පරිදි චීන ආනයන සඳහා අමෙරිකාව 104%ක තීරු බද්දක් පනවා තිබූ අතර ඊට ප්‍රතිචාර ලෙස චීන මුදල් අමාත්‍යාංශය අද පස්වරුවේ නිවේදනය කළේ අමෙරිකානු ආනයන සඳහා 84%ක තීරු බද්දක් පනවන බවයි. ඒ අනුව චීනයේ එම තීරණයට පිළිතුරු ලෙස අමෙරිකාව යළිත් වරක් මෙලෙස තීරු බදු ප්‍රතිශතය ඉහළ දමා ඇති බව සඳහන් වේ.