මාතර සහ වව්නතිව් සඳහා මෙගාවොට් 10ක සහ මෙගාවොට් 8ක ග්‍රීඩ් උප පොළවල් සඳහා සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මඟින් විදුලිය සපයා ගැනීමට ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැදවීමක් සිදුකර ඇති බව වාර්තාවේ.

මෙම ව්‍යාපෘතියෙහි යෝජනා මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි ඉදිකිරීම් අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම පදනම මත භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර මාතර ග්‍රීඩ් උප පොලේ සහ වව්නතිව් ග්‍රීඩ් උප පොලේ  ස්ථාපිත කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ද ලැබී ඇතිබවයි සඳහන් වන්නේ.