බේරුවල  ගාලුපාරේ මාගල් කන්ද මුහුදු වෙරළට  කාන්තා මළ සිරුරක් ගොඩගසා තිබියදී හමුවුබව බේරුවල පොලිසිය සදහන් කරයි.

මෙලෙස ගොඩගසා ඇති මළ සිරුර කාගේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව වැඩිදුරටත් පොලිසිය ප්‍රකාශ කර සිටියේය.

මියගොස් ඇති තැනැත්තිය වයස අවුරුදු විසි හයක පමණ කාන්තාවක් බවට පෙනී යන බවද පොලිසිය සදහන් කරනු ලැබුවේය. 

බේරුවල පොලීසිය විසින් මෙම කාන්තා මළසිරුර හදුනාගැනිමට මහජන  සහය අපෙක්ෂා කරනු ලබයි.