සිරි දළඳා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ලබන 28 දක්වා දින 10ක් පුරාවට මෙම විශේෂ දුම්රිය ධාවනයෙ යෙදෙනු ඇත.
කෙසේ නමුත් කොළඹ කොටුව සිට මහනුවර, ගම්පොල හා කඩුගන්නාව සිට මහනුවර දක්වා මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
එමෙන්ම මහනුවර සිට කොළඹ කොටුව, ගම්පොල හා කඩුගන්නාව දක්වාද දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරෙන බවත් පාලක මැදිරිය වැඩිදුරටත් පවසයි.
කොළඹ කොටුව සිට මහනුවර සහ බදුල්ල දක්වා ධාවනය කෙරෙන සාමාන්‍ය දුම්රියට අමතරව සිරි දළදා වන්දනාව වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය සේවා ධාවනයට යොදවා ඇත.


