දුම්රිය වෘත්තීය සමිති ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදුකර ඇත.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමි​න් ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේය.