කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අතුරුදන්ව ඇති බව වාර්තාවේ.

ඒ කල්පිටියෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් නැවත ගොඩබිමට නොපැමිණි බවට සඳහන් කරමින් කල්පිටිය පොලිසීයට එම යාත්‍රාවේ හිමිකරු පැමිණිලි කර තිබීමත් සමඟයි.

මෙලෙස අතුරුදහන් වූ යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙක් ගමන් කර ඇති අතර ඔවුන් 21, 37 සහ 38 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් ඊච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාව දැනුවත් කර සෝදිසි කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටිනවා.