අද (03) අලුයම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර ගමන් කළ ජිප් රථය අනතුරකට ලක්ව  තිබෙන​වා

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කෝන්ගස්දෙනිය හංදිය අසලදී මෙම අනතුර සිදුව ඇත

මන්ත්‍රීවරයා රැගත් ජීප් රථය මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරන විට මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන්  යතුරුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව නිට්ටඹුව පොලිසිය පවසයි

මෙම අනතුරින් මන්ත්‍රිවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ නිට්ටඹුව විසින් සිදුකරන බව වාර්තා ​වේ