අද (18) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදි නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට ගෙන ​ආ යෝජනාව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ප්‍රතික්ෂේප වී තිබෙනවා

එහිදී ජනාධිපතිවරයාගේ නිර්දේශය දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී ඇති බව සදහන්

කෙසේ නමු​ත්  අවසන් තීරණයකට එළඹීම සඳහා ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්දයක් ද පවත්වා ඇති අතර අදාළ නිර්දේශයට විපක්ෂව ඡන්ද 05ක් ලැබී ඇති අතර පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 03ක් පමණි.

ඒ අනුව අද අදාළ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා විය.

නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මෙම මාසයෙන් අවසන් වීමට නියමිතව තිබේ.