ජනාධිපතිවරයා විසින් රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබුවේය.

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ 40 වෙනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුවයි.