රුසියාවට දරුණු ප්‍රහාර එල්ල කිරීම සඳහා යුරෝපයේ නේටෝ සාමාජිකයින් විසින් යුක්‍රේනයට බටහිර ආයුධ භාවිතා කිරීමට යෝජනා කර ඇති බව ජනපති පුටින් පවසයි

මෙලෙස යුක්‍රේන යුද්ධයට බටහිර අතපෙවීම පුලුල් ගෝලීය ගැටුමක අවදානම වැඩි කරන බව පුටින් අනතුරු අගවයි

රුසියා ගොඩබිම් යුද්ධයට වසර දෙකකට වැඩි කාලයක් ගතවී ඇති පසුබිමක, යුක්‍රේනයේ රුසියානු හමුදා ඉදිරියට යාම සම්බන්ධයෙන් බටහිර විශේෂ අවධානයක් යොමු කර ඇති ආකාරය දැකිය හැකියි.

කෙසේ වෙතත් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් The Economist වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, රුසියාවට පහර දීමට, නේටෝ සාමාජිකයන් යුක්‍රේනයට ආයුධ ලබා දිය යුතු බවයි.